'' මගේ සෞඛ්‍යය, මගේ අයිතියයි '' - ලෝක සෞඛ්‍ය දිනය අදයි !
Sunday, 07 April 2024 - 11:41 | Views - 284
ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා.
සෑම වසරකම අප්‍රේල් හත් වනදා ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන අතර, මෙවර එහි තේමාව වන්නේ' මගේ සෞඛ්‍යය, මගේ අයිතියයි' යන්නයි.
ගුණාත්මක සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ තොරතුරු මෙන්ම සුරක්ෂිත පානීය ජලය, පිරිසිදු වාතය, මනා පෝෂණය, නිවාස, සේවා සහ යහපත් පාරිසරික තත්ත්වයන් සහ නිදහස සඳහා ප්‍රවේශය ලබා ගැනීමට සෑම තැනකම සිටින සෑම කෙනෙකුටම ඇති අයිතිය වෙනුවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසරේ එම තේමාව තෝරාගෙන ඇත්තේ.
ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ලොව පුරා මිලියන ගණනකගේ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය වඩාත් තර්ජනයට ලක්වෙමින් පවතින බවයි.
ෆොසිල ඉන්ධන දහනය දේශගුණික අර්බුදයට හේතු වන අතර, පිරිසිදු වාතය ආශ්වාස කිරීමේ මානව අයිතිය අහිමිවීම මෙන්ම ගෘහස්ථ හා එළිමහන් වායු දූෂණය හේතුවෙන් සෑම තත්පර 5 කට වරක් ජීවිතයක් අහිමි කරන බවද එම නිවේදනයේ සඳහන්.
Share This Article