'' මගේ සෞඛ්‍යය, මගේ අයිතියයි '' - ලෝක සෞඛ්‍ය දිනය අදයි !
Sunday, 07 April 2024 - 11:41 | Views - 285
ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා.

සෑම වසරකම අප්‍රේල් හත් වනදා ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන අතර, මෙවර එහි තේමාව වන්නේ' මගේ සෞඛ්‍යය, මගේ අයිතියයි' යන්නයි.

ගුණාත්මක සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ තොරතුරු මෙන්ම සුරක්ෂිත පානීය ජලය, පිරිසිදු වාතය, මනා පෝෂණය, නිවාස, සේවා සහ යහපත් පාරිසරික තත්ත්වයන් සහ නිදහස සඳහා ප්‍රවේශය ලබා ගැනීමට සෑම තැනකම සිටින සෑම කෙනෙකුටම ඇති අයිතිය වෙනුවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසරේ එම තේමාව තෝරාගෙන ඇත්තේ.

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ලොව පුරා මිලියන ගණනකගේ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය වඩාත් තර්ජනයට ලක්වෙමින් පවතින බවයි.

ෆොසිල ඉන්ධන දහනය දේශගුණික අර්බුදයට හේතු වන අතර, පිරිසිදු වාතය ආශ්වාස කිරීමේ මානව අයිතිය අහිමිවීම මෙන්ම ගෘහස්ථ හා එළිමහන් වායු දූෂණය හේතුවෙන් සෑම තත්පර 5 කට වරක් ජීවිතයක් අහිමි කරන බවද එම නිවේදනයේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top