සාප්පු සවාරි යන ඔබට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
Sunday, 07 April 2024 - 8:09 | Views - 512
සිංහල, දෙමළ අලු‍ත් අවුරුද්ද උදාවීමට ඇත්තේ, තවත් සතියක පමණ කාලයක්.

කෙතරම් ආර්ථික අභියෝග මැද කල් ගත කළත් ජනතාව හැකි පමණින් අලු‍ත් අවුරුදු සැමරුම වෙනුවෙන් සූදානම්වන අයුරු මේ දිනවල දැක ගත හැකියි.

අලු‍ත් අවුරුදු උදාවට කළින් එළැඹෙන අවසන් සති අන්තයේ රෙදිපිළි ඇතුළු භාණ්ඩ අලෙවිසැල් වඩාත් ජනාකීර්ණ වී ඇති අයුරු අපට දැක ගත හැකි වුණා.

අලු‍ත් අවුරුද්ද පිළිබඳව ඒ ජනතාව තුළ මෙන්ම වෙළෙඳුන්ටද ඇත්තේ බලාපොරොත්තු සහගත හැඟීමක්.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, කොළඹ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදෙන ජනතාව අවදානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ, සොරුන් සහ කොල්ලකරුවන්ගෙන් ප්‍රවේසම් වී සාප්පු සවාරි කටයුතු වල නිරත විය යුතු බවයි.

එසේම, ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද අවදානයෙන් පසුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

මේ අතර, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් වලට රාජ්‍ය අංශයේ අවශ්‍ය සහයෝගය සහ සහභාගීත්වය ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ඒ අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු නිළධාරින් වෙත ලිපියක් යොමු කරමින්.

අලුත් අවුරුද්දට සමගාමීව දීර්ඝ නිවාඩුවක් යෙදී ඇති අතර, අදාළ කාලසීමාව තුළ ආපදා සහ හදිසි කාර්යන් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි එමඟින් දන්වා ඇත්තේ.

රජයේ සංවර්ධන ව්‍යාපෘති ද බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙස එහි සඳහන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top