අවුරුදු 19 දී කෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් මොන තරම් වාසනාවක්ද ? මේකත් ඒ වගේ කතාවක්
Friday, 05 April 2024 - 16:18 | Views - 493

අවුරුදු 19 දී කෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් මොන තරම් වාසනාවක්ද ?2024 Forbes ප්රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් වන Livia Voigt, ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනියගේ පදවියට හිමිකම් කියනවා.ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය වන Livia Voigt, ඇයට වඩා මාස දෙකක් පමණක් වැඩිමල් EssilorLuxottica ගේ උරුමක්කාරයා වන Clement Del Vecchio අභිබවා ගොස් තිබෙනවා.Livia Voigt ගේ ධනය පැමිණෙන්නේ ලතින් ඇමරිකාවේ විශාලතම විදුලි මෝටර නිෂ්පාදකයා වන WEG හි විශාලතම තනි කොටස් හිමියෙකු වීමෙන් පසුවයි. සමාගම ඇගේ සීයා වන වර්නර් රිකාඩෝ වොයිග්ට් විසින් සම-ආරම්භ කරන ලද අතර, ප්රකෝටිපතියන් වූ එග්ගොන් ජෝඕ ද සිල්වා සහ ජෙරල්ඩෝ වර්නින්හවුස් සමඟ එක්ව ආරම්භ කර තිබෙනවා.- වොයිග්ට් දැනට බ්‍රසීලයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර තවමත් WEG හි අධ්යක්ෂ මණ්ඩලයේ හෝ විධායක තනතුරක් දරන්නේ නැහැ.- Livia Voigt හි ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.1 ක් වෙනවා. ඇය, ඇගේ වැඩිමහල් සොහොයුරිය වන Dora Voigt de Assis සමඟින්, 2024 වසරේ ලාබාලම ප්‍රකෝටිපති ලැයිස්තුවේ නව මුහුණු හත්දෙනා අතරට පැමිණ තිබෙනවා.


Share This Article