ජංගම දුරකතනයක් ගන්න, බලාගෙන ඉන්න ඔයාට මේක සුබ ආරංචියක් !
Friday, 05 April 2024 - 14:41 | Views - 568
අලුතෙන් ජංගම දුරකතනයක් ගන්න, බලාගෙන ඉන්න ඔයාට මේක සුබ ආරංචියක් !
මොකද කාලයක් හොඳටම ගණන් උස්සපු ජංගම දුරකතන මිල අද වෙද්දී ටිකක් අඩු වෙලා...
අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ ජංගම දුරකථන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය පවසනවා..
මේ අතර, අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් ජංගම දුරකතන මිල පහළ දැමීමට කටයුතු කරන බව ද සඳහන් වුණා.
එසේ හෙයින්, සාමාන්‍ය ජංගම දුරකතනයක් රුපියල් 7000ක සිට මිලකට ලබා ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයින් වෙත හිමිවෙනු ඇති.
තවද , නවතම මාදිලියේ i phone ජංගම දුරකතනයක මිලද සැලකිය යුතු මුදලකින් අඩු වනු ඇති බවද සඳහන් වනවා.
Share This Article