පාසලේ තිබු කොන්ක්‍රිට් සිලින්ඩරයක් ඇඟට පෙරලී සිසුවා අවසන් ගමනේ..
Friday, 05 April 2024 - 9:46 | Views - 374
තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් සිලින්ඩරයක් ඇඟ මතට පෙරලිමෙන් බරපතළ ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඊයේ (04) දින ජීවිතක්ෂයට පත් වූ බව මස්කෙලිය පොලිසිය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි ගාඩ්මෝර් දමිළ පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක්.

ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.30ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේදී පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රිට් සිලින්ඩරයක් සිසුවාගේ ඇඟ මතින් පෙරලී‍යාමෙන් පසුව ඔහු වැසිකිලියේ බිත්තියට සිරවීමෙන් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

අනතුරුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසීන් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top