බටහිර නැවතත් අවදානමේ, අධි අවදානම් තැන් මෙන්න
Thursday, 04 April 2024 - 12:35 | Views - 357
2024 වසරේ ගෙවුණු මාස තුනක කාලය තුළ ඩෙංගු ආසාදිතයන් 20,000 ඉක්මවා වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරනවා.
මේ දිනයන්හි උෂ්ණාධික කාලගුණයක් පවතින නිසා ඩෙංගු මදුරු කීටයන්ගේ බෝ වීම අඩු වී ඇති අතර, රෝගීන්ගේ වාර්තා වීම ද සියයට 22.8කින් අවම වී ඇති බව ද සඳහන්.
එසේම, මෙම මාස තුන තුළ ඩෙංගු මරණ 8ක් වාර්තා වී ඇති අතර, ජනවාරි මාසයේදී ආසාදිතයන් 10,417ක් ද පෙබරවාරි මාසයේදී ආසාදිතයන් 6007ක් ද මාර්තු මාසයේදී ආසාදිතයන් 3615ක් ද වාර්තා වී තිබෙනවා.
සමස්ත ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් එනම් ආසාදිතයින් 7211ක් ලෙස සියයට 35.7ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් ද නැඟෙනහිර පළාතෙන් ආසාදිතයන් 4215ක් ලෙස සියයට 20.9ක් ද මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 1585ක් ලෙස සියයට 7.9ක ප්‍රතිශතයක් වාර්තා වනවා.
කොළඹ නගර සභා ප්‍රදේශය, කැස්බෑව, කඩුවෙල, මහරගම, බියගම, ගම්පහ, වත්තල, කුරුණෑගල, චාවකච්චේරි ප්‍රදේශයන් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.
Share This Article