ඔයාත් හොයමින් ද හිටියේ, අප්‍රියෙල් 08 මොකද වෙන්නේ..
Thursday, 04 April 2024 - 9:32 | Views - 997
මේ කියන්න යන්නේ කාලෙකට සැරයක් උදාවෙන අවස්තාවක් ගැන කතාවක්..12P/Pons-Brooks වල්ගාතරුව මේ මාසයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට අවස්ථාව හිමිවෙනවා..ඒ අනුව, මෙමස 8 දින සිට මෙය පියවි ඇසට දැකගත හැකි වේයැයි බලාපොරොත්තු වන අතර, ප්‍රිස්ම දෙනෙතියකින් අනිවාර්යයෙන් දැකගත හැකි බවයි, කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ ආචාර්ය ජනක අඩස්සූරිය පැවසුවේ..එසේම මෙහි උපරිම ප්‍රභාව මේ 21 දින මෙරට ජනතාවට දැකගත හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළා..එදිනට මේ වල්ගා තරුව පෘථිවියට කි.මී. මිලියන 240ක් පමණ දුරකින් ගමන් කරනු ඇති. 12P/Pons-Brooks වල්ගා තරුව මෙ මස තෙවැනි සතිය පමණ දක්වා සූර්යයා බැස ගිය පසු බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නව නිරීක්ෂණය කළ හැකි යැයිද ආචාර්ය ජනක අඩස්සූරිය වැඩිදුරටත් පවසා සිටියා.

Share This Article