දොඩම් ලෙල්ලෙන් හාස්කමක්, බඩ දැවිල්ලට අගනා ඔසුවක්..
Sunday, 31 March 2024 - 14:37 | Views - 860

දොඩම් යනු ඉතාම වටිනා ඖෂධීය ගුණ ඇති පලතුරකි සහ ඖෂධයක් ලෙසද හැඳින්වෙයි.
පෙර සුලබව පැවැතියද වන විනාශය හේතුවෙන් දැන් පැණි දොඩම් සොයා ගැනීම දුර්ලභය.
මෙහි සාමාන්‍ය ගුණ මධුර හා අම්ල රස මිශ්රය. වා, පිත්, සෙම් ත්‍රිදෝෂයම සමනය කළ හැකියි. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයට අගනා ඖෂධයකි.
පලතුරක් වුවත් පැණි දොඩම් පෝෂ්‍යදායී ඖෂධයකි. මිරිකා ඉස්ම ගෙන වතුර දමා සූකිරි කුඩු මිශ්‍රකර පානය කිරීමෙන් ආමාශගත රෝග දුරුකරගත හැකියි.
එසේම, නිතර ගැනීමෙන් ශරීරය පෘෂ්ඨිමත් වෙයි. මාංසජනක ධාතු බහුලය.
දොඩම් ලෙලි කැබැලි කපා වියළා, කුඩුකර තබාගෙන තේ වතුර ලෙස පානය කිරීම ගැස්ට්‍රයිටිස්වලට ගුණදායකය.
ඒ සහ බී ගණයේ ජීව පදාර්ථ අඩංගු අතර සී විටමින් බහුල වෙයි. පැණි දොඩම් යුෂ කෝප්පයක ඩී විටමින් මිලිග්‍රෑම් 68 ක් අඩංගු වන අතර දත් මුල් දියවීම, ලේ ගැලීම, විදුරුමස් දියවීම ආදී රෝගවලට ඛෙහෙවින් ගුණදායකය.
අධික රුධිර පීඩනය ඇති අයට පැණි දොඩම් ටිකක් ගස්ලබු සමඟ මිශ්‍ර කර කෑම ගුණදායකය. රක්තවාත රෝගීන්ට, නිතර වමනය එන රෝගීන්ට බහුලවම ගුණදෙයි. අක්මා රෝගවලටත් ඉතාම සුදුසුයි.
පැණි දොඩම් මල්, කොළ, පොතු, ලෙලි, මුල් සියල්ල ඖෂධ සඳහා යොදා ගනියි. එබැවින් එය වටිනා ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. )
Share This Article