විදුලි සබඳතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව..
Thursday, 07 March 2024 - 11:32 | Views - 323
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අයකර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව, ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේදී ,මන්ත්‍රී එච්.එම්.ධර්මසේන එදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.
කෙසේ වෙතත්, මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලි සබඳතා ලබා ගැනීමේ ගාස්තුවෙන් 25%ක් ඒ සඳහා ප්‍රථමයෙන් ගෙවිය යුතු බවයි.
Share This Article