රියදුරු බලපත්‍රය ගන්න යනවා නම්, මේකත් මතක් කර ගන්න..
Thursday, 07 March 2024 - 11:05 | Views - 652
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීම සඳහා , මේ සතියේ සිට දිනයක් හා වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය කර තිබෙනවා.
දිනයක් වෙන් කරගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන dmtappointments.dmt.gov.lk වෙත පිවිසිය යුතුයි.
නැතහොත් ස්වයංක්‍රිය දුරකතන සේවාව වන 011-2117116 ඔස්සේ සම්බන්ධ වන ලෙසටයි කොමසාරිස්වරයා ජනතාවට දැනුම් දෙන්නේ..
කොළඹින් පිටත සිට අමතන පුද්ගලයන් සාමාන්‍ය අංකය වන 2117116 සමඟ ප්‍රාදේශීය කේතය ඇතුළත් කළ යුතු බව සඳහන්.
අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් ලෙස ලැබෙනු ඇති.
Share This Article