ලොවක් කළඹමින්, ගබ්සාවට ව්‍යවස්ථාපිත අයිතියක් , ප්‍රංශයෙන්..
Wednesday, 06 March 2024 - 10:54 | Views - 263
ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට පැහැදිලිව ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්වී තිබෙනවා.

ඒ ගබ්සා කිරීම සඳහා කාන්තාවන්ගේ "සහතික කරන ලද නිදහස" තහවුරු කිරීම සඳහා 1958 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය ලබා දුන් නිසාවෙන් බවයි සඳහන් වන්නේ.

පක්ෂව ඡන්ද 780 ට , විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 72 ක් වීමද මෙහි විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී, වර්සායිහි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නැඟී සිටි ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේම, එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම පියවර විස්තර කළේ මෙලෙස යි , මෙය “විශ්වීය පණිවිඩයක්” ලබා දෙන “ප්‍රංශ අභිමානයක්” .

කෙසේ වෙතත්, මත විමසුම්වලින් පෙනී යන්නේ, ප්‍රංශ මහජනතාවගෙන් 85%ක් පමණ මෙම ප්‍රතිසංස්කරණයට සහය දෙන බවයි.

ඒ අනුව, ඡන්ද විමසීමෙන් අනතුරුව, ප්‍රංශයේ අයිෆල් කුළුණෙහි "මගේ ශරීරය - මගේ තේරීම" (My body - My choice) යන වැකිය ප්‍රදර්ශනය කරමින්, සැමරුම් උත්සවයක් ද පවත්වා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද, කතෝලික පවුල් සංගමයේ සභාපති, පැස්කල් මොරිනියර් සඳහන් කර ඇත්තේ, "ඒක කාන්තාවන් ලබන පරාජයක්," බවයි.


( උපුටා ගැනීම - BBC )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top