ලොවක් කළඹමින්, ගබ්සාවට ව්‍යවස්ථාපිත අයිතියක් , ප්‍රංශයෙන්..
Wednesday, 06 March 2024 - 10:54 | Views - 264

ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට පැහැදිලිව ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්වී තිබෙනවා.
ඒ ගබ්සා කිරීම සඳහා කාන්තාවන්ගේ "සහතික කරන ලද නිදහස" තහවුරු කිරීම සඳහා 1958 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය ලබා දුන් නිසාවෙන් බවයි සඳහන් වන්නේ.
පක්ෂව ඡන්ද 780 ට , විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 72 ක් වීමද මෙහි විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී, වර්සායිහි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නැඟී සිටි ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එසේම, එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම පියවර විස්තර කළේ මෙලෙස යි , මෙය “විශ්වීය පණිවිඩයක්” ලබා දෙන “ප්‍රංශ අභිමානයක්” .
කෙසේ වෙතත්, මත විමසුම්වලින් පෙනී යන්නේ, ප්‍රංශ මහජනතාවගෙන් 85%ක් පමණ මෙම ප්‍රතිසංස්කරණයට සහය දෙන බවයි.
ඒ අනුව, ඡන්ද විමසීමෙන් අනතුරුව, ප්‍රංශයේ අයිෆල් කුළුණෙහි "මගේ ශරීරය - මගේ තේරීම" (My body - My choice) යන වැකිය ප්‍රදර්ශනය කරමින්, සැමරුම් උත්සවයක් ද පවත්වා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවද, කතෝලික පවුල් සංගමයේ සභාපති, පැස්කල් මොරිනියර් සඳහන් කර ඇත්තේ, "ඒක කාන්තාවන් ලබන පරාජයක්," බවයි.
( උපුටා ගැනීම - BBC )
Share This Article