මෙවර අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන විදිහ සුබ ද? ආන්දෝලනාත්මක කතාවක් එළියට..
Wednesday, 06 March 2024 - 8:53 | Views - 785

හැම වසරකම වගේ සිංහල අවුරුදු නැකැත් චාරිත්‍රවලට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක්..
මේ කියන්න යන්නෙත් අන්න ඒ ගැන කතාවක්.. මෙවර අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන විදිහ සුබද..?
ඔබත් මේ දේවල් කරන්න කළින් ඒ ගැන හරියටම දැනකියාගන්න.. මේ ඒ ගැන ඇහෙන ආන්දෝලනාත්මක කතාවක්.. විශයේ ප්‍රවීණයන් එකතු වෙලා මේ වතාවේ හදපු ඒ නැකැත් ගැන මේ වෙද්දී එක එක විදිහේ කතා ඇහෙනවා..
රාජ්‍ය නැකත් කමිටුවෙන් මෙවර ළිප ගිනි මෙලවීම සඳහා දී ඇති නැකැතට ළිප ගිනි දල්වන්න එපා යැයි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද, එම වේලාවට ගිනි දැවුවොත් රටම ගිනි ගන්නා බවද මෙවර ලබාදී ඇති ආන්දෝලනාත්මක අවුරුදු නැකැත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ ජෝතිශ්‍යවේදී ආචාර්ය කැලුම් ගුණතිලක පවසනවා..
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජ්‍යොතිර්වේදින්ගේ සංවිධානය යටතේ පිහිටුවාගෙන ඇති ජාතික නැකැත් කමිටුව මඟින් ඊයේ බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්..
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ගුණතිලක රාජ්‍ය නැකැත් කමිටුව ලබාදී ඇති රෑ මැදියම් නැකැත් වෙනුවට පසු දින උදෑසන අවුරුදු නැකැත් යෝජනා කළ ප්‍රවීණ ජෝතිශ්‍යවේදීන් පිරිසක්ද රාජ්‍ය නැකැත් කමිටුව තුළ සිටින බැව් පැවැසු, ඔහු ඒ අය ගෙන්වා කරුණු විමසා රාජ්‍ය නැකැත් කට්ටුව ලබා දී ඇති අවුරුදු නැකැත් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස සංස්කෘතික කටයුතු ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා..
Share This Article