මෙවර අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන විදිහ සුබ ද? ආන්දෝලනාත්මක කතාවක් එළියට..
Wednesday, 06 March 2024 - 8:53 | Views - 786
හැම වසරකම වගේ සිංහල අවුරුදු නැකැත් චාරිත්‍රවලට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක්..

මේ කියන්න යන්නෙත් අන්න ඒ ගැන කතාවක්.. මෙවර අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන විදිහ සුබද..?

ඔබත් මේ දේවල් කරන්න කළින් ඒ ගැන හරියටම දැනකියාගන්න.. මේ ඒ ගැන ඇහෙන ආන්දෝලනාත්මක කතාවක්.. විශයේ ප්‍රවීණයන් එකතු වෙලා මේ වතාවේ හදපු ඒ නැකැත් ගැන මේ වෙද්දී එක එක විදිහේ කතා ඇහෙනවා..

රාජ්‍ය නැකත් කමිටුවෙන් මෙවර ළිප ගිනි මෙලවීම සඳහා දී ඇති නැකැතට ළිප ගිනි දල්වන්න එපා යැයි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද, එම වේලාවට ගිනි දැවුවොත් රටම ගිනි ගන්නා බවද මෙවර ලබාදී ඇති ආන්දෝලනාත්මක අවුරුදු නැකැත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ ජෝතිශ්‍යවේදී ආචාර්ය කැලුම් ගුණතිලක පවසනවා..

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජ්‍යොතිර්වේදින්ගේ සංවිධානය යටතේ පිහිටුවාගෙන ඇති ජාතික නැකැත් කමිටුව මඟින් ඊයේ බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්..

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ගුණතිලක රාජ්‍ය නැකැත් කමිටුව ලබාදී ඇති රෑ මැදියම් නැකැත් වෙනුවට පසු දින උදෑසන අවුරුදු නැකැත් යෝජනා කළ ප්‍රවීණ ජෝතිශ්‍යවේදීන් පිරිසක්ද රාජ්‍ය නැකැත් කමිටුව තුළ සිටින බැව් පැවැසු, ඔහු ඒ අය ගෙන්වා කරුණු විමසා රාජ්‍ය නැකැත් කට්ටුව ලබා දී ඇති අවුරුදු නැකැත් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස සංස්කෘතික කටයුතු ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top