පවතින අධික උණුසුමට, ඇඟ දාඩියෙන් තෙමෙනවා නේද? ඒ දුඟද නිසා සිත්තැවුලෙන් ඉන්න ඔබට..
Tuesday, 05 March 2024 - 11:53 | Views - 438

මේ දිනවල පවතින අධික උණුසුම් තත්ත්වය නිසා පිපාසය අධික ව දැනෙනවා නේද ?
බලන්නකෝ, තියෙන රස්නය. ඇඟ දාඩියෙන් තෙමෙනවා නේද?
ඔව්. මේ කාලෙට එහෙම තමයි. ඒ නිසා වතුර හොඳට බොන්න ඕන. ඒ වගේම ඉරමුසු, සැවැන්දරා, කොත්තමල්ලි වගේ ජාති තම්බල වැඩිපුර බොනව නම්
හොඳයි..
ඔය අතරින්, සැවැන්දරා කියන්නෙ සුවඳ වගේම පිපාසය. දැවිල්ල අඩු කරන හොඳ ඖෂධයක් .
සැවැන්දරා වැඩිපුරම බොන්නේ කොත්තමල්ලිත් එක්ක, සැවැන්දරා තනිකර බොන්නත් පුළුවන්.
මේවා බිව්වම විශේෂයෙන්ම පිත අඩු වෙනවා. ඒ වගේම පිපාසය අඩු කරනවා. ඇඟ සිසිල් කරනවා. සෙංගමාලය. පාණ්ඩුව ගැස්ට්රයිටිස්වලත් හොඳයි.
සැවැන්දරා ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් හැදෙනවා.
ඉන්දියාවේ දකුණු කොටසෙත් ..බෙංගාලය සහ රාජපුතානා. ආදි ප්‍රදේශවලත් සාර්ථකව වැවෙනවා. ඒ වගේම ලංකාවේ තෙත් කලාපයේ පහත් ප්‍රදේශවලත් එසේම උස් ප්‍රදේශවලත් වැවෙනවා. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට දේශීය පැළෑටියක් ලෙසද සැවන්දරා හඳුන්වනු ලබනවා.
මෙය පඳුරු වශයෙන් පවතින තෘණ ශාකයක්. මේවායේ පත්‍ර මීටර් 1ක් හෝ ඊට වඩා උසට වැවෙනවා. මේ පත්‍ර තණකොළ වගේ සිහින් හා දිගයි.
ඒ වගේම මේවායේ දිගැටි ගැට සහිතයි මෙවායේ කඳ හා පස යට වැවෙන රසෝමයකින් යුක්තයි.
එසේම විශාල වශයෙන් අතු බෙදීලා තියෙනවා. ඒ වගේම ඒවා සෘජු ව පිහිටනවා. එසේම සිහින් කටු සහිත පොතු වලින් යුක්තයි. ඒ වගේම අනෙකුත් තෘණ කුලයේ ශාක වල වගේ සැවැන්දරාවලත් මල් හටගනු ලබනවා. මේ මල් සෘජුව පිහිටන අතුවල පොකුරු ලෙස පිහිටනවා. ඒ වගේම සැවැන්දරා පඳුරුවල මුල්වල ඖෂධීය ගුණය ඉතා ඉහළයි. ඒ වගේම මේ මුල් මනා සුවඳකිනුත් යුක්තයි.
සැවැන්දරා නාමයට අමතරව, මේවාට සුවඳහොට. සුවදොට වගේ නම් සිංහලෙන් යෙදෙනවා.
සංස්කෘත භාෂාවෙන්, උශිර..නලද.. සෙව්ය...අමෘණාල. ජලවාස...වීරතර...වාරීතර.. සුගන්ධී...ලාමජ්ජක...ශිශිර. සමගන්ධික ආදි නම් රාශියක් යෙදෙනවා.
හිංදි භාෂාවෙන්, ගාණ්ඩරකීජර් යන නාමය යොදනු ලබනවා.
දෙමළ භාෂාවෙන්, වෙට්ටිවේර් ලෙස හදුන්වනවා.
එසේම, ඉංග්‍රීසි භාෂාවෙන්, Vetiveriya grass.....khus khus....khaskhas යන නම් යෙදෙනවා.
සැවැන්දරාවල උද්භිද විද්‍යාත්මක නාමය, Vetiveria zizaniodes (Linn) Nash වන අතර, කුලය වනුයේ GRAMINEAE හෙවත් යව කුලයයි.
ඒ වගේම මේ සැවැන්දරාවල විවිධ රසායනික උපාදාන රාශියක් අඩංගුයි. මේ පැළෑටියේ වියලි මුල් වල ඖෂධීය ගුණ බහුලයි. විශේෂයෙන්ම මේවායේ වාෂ්පශීලී තෛල ( essential oil ) සහ දුම්මල පදාර්ථයක් තියෙනවා. ඊට අමතරව වර්ණකාරක ද්‍රව්‍ය.. චූර්ණකර පදාර්ථ සහ ලෞහ ආදිය අන්තර්ගත වෙනවා.
ඇත්තටම කිවුවොත්, අපිට සැවැන්දරා ගැන අවබෝධයක් තියෙන්නේ ඒවායේ තියෙන විශේෂ සුවඳ නිසා . ඒ වුණාට ගුණයෙනුත් සැවැන්දරා ඉතා විශිෂ්ටයි නේ.
සැවැන්දරා කියන්නේ අගනා ඔසුවක්. මේවායේ මුල් සහ සම්පූර්ණ පැළෑටියම ඖෂධ සදහා යොදා ගනු ලබනවා .
සැවැන්දරා
රසයෙන් තික්ත හා මධුර රසයි.
ගුණයෙන් රූක්ෂ හා ලඝු යි.
වීර්යයෙන් ශීතයි.
විපාකයෙන් කටුකයි
මේ තික්ත රසයත්..රූක්ෂ හා ලඝු ගුණත් නිසා සෙම සමනය වෙනවා .ශීත වීර්යය නිසා පිත සමනය වෙනවා .මේ නිසා සෙම් හා පිත් රෝග වලදි බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබනවා.
ඒ වගේම, සැවැන්දරා අඩංගු ඖෂධ ප්‍රයෝග රාශියක් තියෙනවා.
මෙහිදී දැවිල්ල නසන සමේ රෝග නසන සහ දහඩිය අඩුකරන ගුණ සැවැන්දරාවල තියෙන නිසා දැවිල්ල සමේ රෝග සහ අධික ලෙස දහඩිය ගැලීම ආදි තත්වයන්ට සැවැන්දරා මුල් අඹරා ආලේපයෙන් ගුණ ලැබෙනවා .ඒ වගේම මෙයින් දහඩිය ගඳත් නැතිවෙනවා.
ඒ වගේම අභ්‍යන්තර වශයෙන් වැදගත් ඖෂධ යෝග රැසක් ම මේවගේ තියෙනවා.
පිත මූලිකව හටගත් මද .. මූර්චා.ආදී රෝග වලට යොදන්න පුළුවන් ..ඒ වගේම මොළයේ ක්‍රියා වැඩි කරන සහ ආක්ෂේප නිවාරණ ගුණයෙන් ද යුක්තයි..
එසේම මෙහි තික්ත රස ඇති නිසා දීපන සහ පාචන ගුණ ද ශීත නිසා පිපාසා සහ වමන නසන ගුණද ඇති බැවින් බඩගිනි අඩුකම. අජීර්ණ ..පිපාසා..වමන සහ අතීසාර අවස්ථාවන්හිදි බොහෝ සෙයින් ගුණදායකයි.
ඒ වගේම තික්ත රස නිසා සෙම පිටකරන ගුණ සහිත බැවින් කාස ශ්වාස හික්කා ආදියේදී මෙය චූර්ණය ලෙස සහ ධූමය ලෙස යොදනු ලබනවා. එසේම සිගරැට් ආකාරයට සකස් කර දුම් බීමෙන් හිසේ බර බව සහ හිසරදය නසනු ලබනවා .
එසේම ලේ පිරිසිදු කරන ගුණය සහ ලේ නතර කරන ගුණයද මෙහි පවතිනවා.
ඒ වගේම හදවත් සමන හා බලකාරක ගුණයද සැවන්දරා වල තිබෙනවා. මෙනිසා හදවත් දුබලතා සහ අති කම්පනයේදී උපයෝගි කරගනු ලබනවා. මේ අතර රත්පිතේ දී ඉතා ප්‍රශස්තයි.
තවද හෘද කම්පන.. හෘද දුබලතා සහ මූර්චා සඳහාද , සැවැන්දරා තම්බා පානය සහ එහි සුවද ආඝ්‍රාණය අතිශයින් යෝග්‍යයි.
විශේෂයෙන් රත්පිතේ දී සැවැන්දරා සුදු හදුන් සමඟ සමව ගෙන සහල් සේදූ වතුරින් (තණ්ඩුලෝදක) අඹරා සීනි දමා බීමත් ඉතා ගුණයි.
ඒ වගේම සැවැන්දරා වල තියෙන තවත් විශේෂ ගුණයක් තමයි මූත්‍ර වඩන ගුණය. ඒ නිසා මූත්‍ර කෘච්ජ්‍ර රෝගයට විශිෂ්ට ගුණ ගෙන දෙනවා.
ඒ වගේම සැවැන්දරාවල අඩංගු සංස්කාරික ඖෂධ යෝගයනුත් කිහිපයක් ම තියෙනවා .
ෂඩංග පානය
උශිරාදී ක්වාථය
උශිරාදි තෛලය
උශිරාසවය ඒඅතරින් ප්‍රධානයි.
එසේම සැවැන්දරා අඩංගු කෂාය වර්ගත් රැසක්ම තියෙනවා.
ඒ වගේම ඖෂධීය තෙල් වර්ග ..අරිෂ්ඨ .ආසව.කල්ක. චූර්ණ ආදිය සෑදීමේදී යොදනු ලබන කල්ක වලට බොහෝ සෙයින් සැවැන්දරා යොදනු ලබනවා.
ඒ හින්දා ඇඟේ උෂ්ණය අඩුවෙන්න සැවන්දරා කොත්තමල්ලි ත් එක්ක තම්බලා නිතර බොන්න.
මේ පායන කාලෙට සැවැන්දරා කොත්තමල්ලි තම්බලා බීම හොඳ ඔසුවක්.....
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..)
Share This Article