පොහොට්ටු ජනපති අපේක්ෂකයා අරන්, බැසිල් දිවයිනට (Video)
Tuesday, 05 March 2024 - 9:30 | Views - 443
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද(05) දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසනවා.
අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණි ඔහු පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ දේශපාලඥයින් පිරිසක්ද සහභාගි වූ බව ඔහු සඳහන් කළා.
මාස දෙකක පමණ කාලයක් අමෙරිකාවේ සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article