'' ලුණු '' වැඩිපුර කෑමට ගන්න ඔබට , මේ භයානක කතාව දැනගන්න එක වැදගත්..
Tuesday, 05 March 2024 - 9:16 | Views - 837
මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලුණුවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගතව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය සඳහන්කරන පරිදි වෙළෙඳපොළේ වෙළෙඳ නාමවලින් අලෙවි කිරීමට තිබෙන සාම්පල 33 ක් මෙම පර්යේෂණයේදී පරීක්ෂා කර ඇත.

එම සාම්පලවලින් 24 ක් කැට ලුණු වේ.

මෙම සියලුම ලුණු සාම්පල ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් දූෂිත බව අනාවරණය වී තිබේ.

පුත්තලම සහ හම්බන්තොට ලුණු ලේවායෙන් ලබාගත් ලුණු සාම්පලවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අලිමංකඩ ලුණු ලේවායෙන් ලබාගත් ලුණු සාම්පලවලට වඩා වැඩි අගයක පැවැති බවද පර්යේෂණයේදී තහවුරුවී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

වෙළෙඳපොළේ ලුණු සාම්පල කිලෝග්‍රෑම් එකක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 17.0 -122.5 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතව පැවැති බවත්, වෙළෙඳපොළේ ලුණු සාම්පලවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය පිරිපහදු නොකළ ලුණු වලට සාපේක්ෂව අඩු අගයක පැවැති බවත් පර්යේෂණයේ සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය දිනක ලුණු පාරිභෝජනය ග්‍රෑම් 5ක් වුවත්, මෙරට එක් පුද්ගලයෙකු දිනකට ලුණු ග්‍රෑම් 8.3ක් පාරිභෝජනය කරන්නේය. මෙහිදී වසරකට මෙරට පුද්ගලයෙකුට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 158 ක් ශරීරගතවන බව අනාවරණය වේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top