ඔයාගේ ID එක බුකියේ දාන්න එපා.. අනිවාර්යයෙන්ම දැනගන්නම ඕන දෙයක් මේක..
Sunday, 03 March 2024 - 15:12 | Views - 478
අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන්, එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙනවා.

අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ට දීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත් අංක, විදෙස් ගමන් බලපත්‍ර, කාර්යාලීය හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ආදියෙහි ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කරයි.

පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරන එවැනි ලේඛන සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමෙන් අපරාධකරුවන්ට විවිධ අපරාධයන් සඳහා එම තොරතුරු යොදාගැනීමේ හැකියාවක් ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම පෙන්වා දෙයි.

එම තොරතුරු යොදාගෙන ව්‍යාජ ලේඛන සකස් කර දුරකතන සමාගම්වලින් සිම්පත් පවා මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහුන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන්, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර ආදිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටියි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top