කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටි සහ කිරි තේ මිලෙහි වෙනසක්..
Sunday, 03 March 2024 - 9:35 | Views - 562
නිෂ්පාදන වියදම් ඉහළයාම නිසා, ආපනශාලාවල ආහාර මිල අද (03) සිට ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.
එහි සභාපති, හර්ෂන රුක්ෂාන් සදහන් කළේ, ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 5 කින් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් ඉහළ දමන බවයි.
මීට අමතරව, බත් පාර්සලයක් රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් මෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 කින් ඉහළ යනු ඇති.
Share This Article