මාර්තු මාසයට අදාළ ගෑස් මිල ගැන විශේෂ දැනුම් දීමක්
Friday, 01 March 2024 - 10:30 | Views - 771
ලිට්රෝ ගෑස් මිල මාර්තු මාසයේදී වෙනසක් නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එසේම පසුගිය මාසයේ එනම්, පෙබරවාරියේ ද ලිට්රෝ ගෑස් මිල නොවෙනස්ව පැවතුණා.
ඒ අනුව, 2024 ජනවාරි මාසයේ වැඩිකිරීමට අදාළව මෙම (මාර්තු ) මාසය පුරාවටත් ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලැබෙනු ඇති.
ඒ අනුව, කිලෝ ග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 4250.00 වෙනවා.
එමෙන්ම, කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක මිල රු.1707.00 ලෙස සටහන් වී තිබෙනවා.
තවද කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 795.00 ලෙස දැක්වෙනු ඇති.
Share This Article