මෙහෙමත් අම්මලා, පොඩ්ඩා වාහනෙන් එළියට වැටිලා , අම්මා දන්නෙත් නෑ... වෙලා තියෙන දේ ඇහුවොත් පුදුම වෙයි.. (Video)
Friday, 01 March 2024 - 9:51 | Views - 577

කිතුල්ගල ප්‍රදේශයේ දී චාරිකාවක් අතරතුර ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි මවකගේ ඇකයේ සිටි මසක් වයසැති බිළිඳෙක් මවටද නොදැනී මහ මඟට ඇද වැටී තිබෙනවා.
අදාළ දරුවා කිතුල්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර එවා තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ පදිංචි පවුල් 2ක සාමාජිකයින් ත්‍රිරෝද රථ දෙකකින් කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක් ගොස් ආපසු එමින් සිටියේ පසුගියදා (28) පස්වරුවේයි.
එක් ත්‍රිරෝද රථයක මව පියා මෙන්ම ඔවුන්ගේ අවුරුදු 6 සහ 3 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා සහ මසක් වයසැති බිළිඳාද ගමන් කර තිබෙනවා.
ඒ අතරතුර මවගේ ඇකයේ සිටි මසක් වයසැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබුණා.
කෙසේ වෙතත්, මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක රියැදුරු අදාළ දරුවා දැක ඒ බව කිතුල්ගල පොලිසියට දැනුම් දී තිබෙනවා.
තම ඇකයේ බිළිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ ටික දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව, ඔවුන් මාර්ගය දෙපස දරුවා සොයමින් ආපසු පැමිණෙන අවස්ථාවේදී වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දරුවෙකු මහ මග වැටී සිටි බවත් වෑන් රථ රියදුරකු විසින් දරුවා පොලිසියට භාරදුන් බවත් පවසා තිබුණා.
මව්පියන් පොලිසියට යන විටත් පොලිස් නිලධාරින් විසින් දරුවා කිතුල්ගල ප්‍රාෙද්ශීය රෝහලට භාරදී තිබුණේ සිරුරේ තිබූ සීරීම් තුවාල හේතුවෙන්.
අනතුරුව එම දරුවා කරවනැල්ල රෝහලට මාරුකර යැවීමට කටයුතු කෙරුණා.
කෙසේ වෙතත්, දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළා.
Share This Article