මුහුණු පොතට අලුතින් එකතු වුණු , "Poke" ඇත්තටම මොකක්ද මේ පෝක් කරනවා කියන්නේ ?
Wednesday, 28 February 2024 - 11:20 | Views - 1,215

ඇත්තටම මොකක්ද මේ පෝක් කරනවා කියන්නේ ?
Facebook සමාජ ජාලය පාවිච්චි කරන පුද්ගලයෙක් තමන්ගේ මිතුරෙකුට "Hello" නැත්තම් "Hi" කියලා පහසුවෙන් ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරන Option එකක් විදියට "Poke" කරනවා
ඇත්තම කිව්වොත් Poke කියන මේ Option එකෙන් පුළුවන් තමන්ගෙ හදවතේ විශේෂ තැනක් තියෙන යාළුවෙක්ට Invite එකක් වගේ එකක් යවන්න.. මේකට දිග වාක්‍ය ටයිප් කරන්න ඕනි වෙන්නෙත් නෑ..
මෙහෙම හිතන්නකෝ. ඔයාගෙ Friend list එකට අලුත් යාළුවෙක් එකතු වෙනවා. යාළුවගේ නම " සමන් ". ඉතින් මේ සමන් හැමදාම ඔයා Facebook එකට Upload කරන හැම පෝස්ට් වලට Like කරනවා. Comment කරනවා.
හැබැයි කාලයක් යද්දි බිසී වුණ " සමන්ට " බැරි වෙනවා ඔයාගෙ පෝස්ට් වලට Comment කරන්න. Like එකක් විතරක් දාලා එයා සද්ද නැතුව ඉන්නවා.. ඒ එයාගේ busy ලයිෆ් එකත් එක්ක.. තව ටික දවසක් යද්දි සමන්ට Like කරන්නත් බැරි වෙනවා. ඉතින් එතකොට ඔයාගෙ ඔළුවට "සමහර විට සමන්ට මාව අමතක වෙලා ඇති.." වගේ අදහසක් එනවා."
මෙතනදි තමයි ඔයාට Poke කියන Option එක ඕනි වෙන්නෙ..
"මිත්‍රත්වය" කියන හැගීම හරි ලේසියෙන් මතක් කරවන්න පුළුවන් නිසා තමයි මේ Option එක මෙච්චර ඉක්මනට ජනප්‍රිය වෙන්නේ.. හැබැයි මේක " ක්‍රෂ් " එකට වුණත් යුස් කරන්න පුළුවන් ඉතින්.
Poke Back කළාම මොකද වෙන්නෙ??
"සමන්ට" තමන්ව අමතක වුණා කියලා හිතන ඔයා "සමන්" වෙනුවෙන් මේ Poke කියන Option එක පාවිච්චි කළොත්, ඒ වගේම "සමන්" ඔයාව නැවත Poke back කලොත් "සමන්ගේ " වෝල් එකේ ඔයාගේ පෝස්ට් පෙන්නන්න පටන් ගන්නවා.
ඒ වගේම ඔයාගේ වෝල් එකේ සමන්ගේ පෝස්ට් පෙන්නන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දෙන්නගෙම දාන පොස්ට් එක සැනින් පෙන්නවා facebook wall එකට ගිහාම.
ඉතින් ඔහොම ගිහාම දෙන්නගේ යාළුකම ආයෙත් අළුත් වෙනවා.
ඔයාව කවුරු හරි Poke කරොත් එයාව එයාව Poke Back කරන්න අමතක කරන්න එපා..
( උපුටාගැනීම මුහුණු පොතෙන්.. )
Share This Article