ගුවන් ගමන් 3ක් , අදත් අවලංගුයි !
Wednesday, 28 February 2024 - 8:38 | Views - 241
කටුනායක ගුවන් තොටුපළෙන් අද(28) උදෑසන පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් අවලංගු කර තිබෙනවා.

ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වුණේ කටුනායක සිට අද අළුයම 12. 25ට මලයාසියාවේ ක්වාලම්පූර් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ එම්. එච්. 178 දරණ යානයත් ඉන්දියාවේ හයිද්රාබාද් දක්වා උදෑසන 7.25ට පිටත් වීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ යානයත් මෙලෙස අවලංගු කර ඇති බවයි.

එමෙන්ම නේපාලයේ කත්මණ්ඩු දක්වා උදෑසන 8.55ට පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ යානයද අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේත් ගුවන් ගමන් වාර 7ක් අවලංගු කරනු ලැබූ අතර මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි.

එමෙන්ම දිගින් දිගටම පැවති ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් ඊයේ කටුනායක ගුවන් තොටුපළ පාළු ස්වාභාවයක් ගෙන තිබුණා. මෙම ප්‍රමාදයන් හේතුවෙන් වන්දනා චාරිකාවක නිරත වූ මෙරට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ද තායිලන්තයේ අපහසුතාවයට පත්ව සිටිනවා.

කෙසේ වෙතත්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය කියා සිටියේ ගුවන් යානා ප්‍රමාදවීම ඇතුළුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ගැටලු‍කාරී තත්ත්වය නිරවුල් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top