දුම්රිය දෙපාර්තමේන්තුවට තරු පෙන්වමින්, රියදුරෙකු නොමැතිව ,ධාවනය වූ දුම්රිය.. (Video)
Tuesday, 27 February 2024 - 15:05 | Views - 719
මේ කියන්න යන්නේ තවත් එක අදහාගත නොහැකි පුවතක් ගැන කතාවක්..

දුම්රියක් මේ තරම් දුර රියදුරෙක් නැතුව ගියා කියන්න එක ඇත්තටම ලොකු අවදානම් සහිත ගමනක්..

මේ පුවත වාර්තා වුණේ ඉන්දියාවෙන්.. භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරෙකු නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ධාවනය වූ සිදුවීමක්, ආසන්න ඉන්දියාවෙන් වාර්තා වෙනවා...

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන අන්දමට පසුගිය 25 වැනිදා ජම්මු කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දක්වා ධාවනය වූ දුම්රියකුයි මෙලෙස රියදුරෙකු නොමැතිව ධාවනය වී ඇත්තේ...

කෙසේ හෝ දුම්රිය නවත්වා ගැනීමට නිලධාරීන් සමත්ව ඇති බවත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවත් එම වාර්තාවල සඳහන්..

ගල් කැබලි රැගත් වැගන් 53 නම් දුම්රිය ජම්මු සිට පන්ජාබ් වෙත යමින් සිටියදී කාර්ය මණ්ඩලයේ වෙනසක් සඳහා කතුවා හි නවත්වා තිබෙනවා..

අනතුරුව දුම්රිය රියදුරු සහ ඔහුගේ සහායකයා දුම්රියෙන් පිටතට පැමිණ ඇති අතර, බෑවුමක් සහිත එම ප්‍රදේශයේදී දුම්රිය ධාවනය වීමට පටන් ගෙන ඇති බවයි නිලධාරීන් පවසන්නේ..

පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන් ගත් දුම්රිය නැවතුම්පොළවල් පහක් පමණ පසු කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ..

කෙසේ වෙතත්, ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නට නියෝග කර ඇති බව‍ ද සඳහන්.. 

එම වීඩියෝව පහතින්,

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top