කොරියාවේ යන්න ඉන්න ඔයාට , මෙන්න සුබ ආරංචිය
Tuesday, 27 February 2024 - 8:12 | Views - 986
දැන් තරුණ තරුණියන්ගේ ලොකුම සිහිනයක් තමයි කොරියාවේ රස්සාවකට යන එක..
ඒ සිහිනය සැබෑවක් කරගන්න ඉන්න ඔයාට මෙන්න සුබ පණිවිඩයක්...
2024 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්රවේශ පත්ර නිකුත් කිරිම, 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා...
ඒ සඳහා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස , Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2) වෙත පිවිස, අයදුම් කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවයි සඳහන්.
මෙම සබැදිය විවෘත වන්නේ 2024.02.26 සිට වන අතර, එය 29 දක්වා විවෘතව පවතිනු ඇති.
ඉන්පසුව එම සබැඳීය වසා දැමෙන අතර, පසුව අයදුම් කිරීමට නොහැක.
Share This Article