ඉන්න අමාරුයි තමයි , ඒත් තවත් මාසයක් ඉවසන්නම වෙනවා..
Sunday, 25 February 2024 - 12:26 | Views - 347
අධික උණුසුම් කාලගුණ තත්ත්වය, තවත් මාසයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පසුගිය ජනවාරියෙන් ආරම්භ වුණා.
දිස්ත්‍රික්ක අටක අවදානම් සහගත උණුසුම් තත්ත්වයක් පවතින බව ද , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
එසේම, කොළඹ , ගම්පහ , කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර ,පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට එම දිස්ත්‍රික්කවලට අයත් බවටයි සඳහන් වන්නේ.
Share This Article