''දුවේ, බලා සිටියේ ඔබගේ මංගල ආරාධනා පත.. ඒත්, ඔබ අප කාටත් නොකියාම යන්නම ගිහින්.. '' ඇයගේ වියෝව ඔහුටත් දරාගත නොහැකි දුකක්.. හදිසි අනතුරින් සමුගත්, ලක්මිණි ගැන තවත් මතක සටහනක්..(Photos)
ගෙදරටම මිණි පහනක් වූ ඒ මැණික අද දෑස් පියාගෙන හමාරයි..
ඇය ඊයේ සවස කාටත් යළි හමු නොවෙන්නම රහසේ සැඟව ගියා.. . ලක්මිණි චූලෝත්තමා..
ඔවුන් දෙදෙනාගේ අහිංසක සුදු මැණික.. ඇගේ මව හැඬූ කඳුළින් පවසන්නේ, "අපේ දුවේ, අදින් පසු සුදු මැණික කියන්නේ අපි කාටද..? දුව නැති දවසක් අපිට තිබුණද...? අපි දෙන්නගේ ජීවිතේ වුණු සුදු මැණික ගැන අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද.? අනේ අපි දෙන්නා දැන් කොහොමද ජීවත් වෙන්නේ? මගේ දුව නැතුව.," ඒ ඇගේ වාවාගත් නොහැකි දුක වචනවලට පෙරලුන අන්දමයි.. මේ කොහොම වුණත් ඇය දැන් මේ සියල්ල නෑසෙන දුරකට ගිහින් හමාරයි.. ලක්මිණි බෝගමුව, සහාය කථිකාචාර්යවරියක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර ඇගේ පියා සිනමා හා වේදිකා නිර්මාණ ක්ෂේත්රයේ නමක් දිනූ කැලණිය විශ්වවිද්‍යාලයේ රංග කලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුවයි... චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන්නේද ඇයයි.. ඉතින් ඇගේ මේ හදිසි වියෝව ගැන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්රික් රත්නායක මෙන්න මේ වගේ අදහසක් ඇය ගැන එක්කරලා තිබුණා.. ඒ හැම වචනයකම කියවෙන්නේ ඇයගේ ඇති යහපත් ගති පැවතුම් ගැනයි.. ඇගේ නික්මයාම දැනගත් පසු ඔහු මේ විදිහට ඇය ගැන කියන්න ඇත්තේ මොන තරම් දුකක් හිතේ වාවාගෙනද..?
"මෙලොව සෑම දෙයක් පිළිබඳවම නැවත නැවත ත් මෙනෙහි කර සිතා බැලීමට වෙහෙස කරවන ඔබේ අකල් වියෝව පෞද්ගලිකව මටත් මගේ පවුලේ සැමටත් කිසිලෙසකත් දරා ගත නොහැකි තරම් වූ හදවත සසල කල පුවතක් විය . මේ පුවත ඇසූ අප නිවස ද ඒ මොහොතේ පටන් එකම මළගෙයක් බවට පත්විය. ලෝකය සුපුරුදු ලෙස කැරකුනත් කුමක් හෝ අතපසු වූ, අමතක වූ සෙයක් ම දැනෙයි. එය දැඩි මානසික ආතතියකි.
ආදරණීය සුන්දර තාත්තා කෙනෙකු සහ අම්මා කෙනෙකු දෙව්ලොවින් ලද උතුම් වස්තුවක් ලෙස සුරැකි ඔබ අප සියල්ල හැර ගොස් හමාරය.
ඔබ මගේ දියණියක නොවුවද ඔබද අප පවුලේ ආදරය දිනූ , ආදර දියණියකි. ඔබ කුඩා කල සිට අප ඇසුරේ යෞවනයේ කිරුළු දරමින් අප හිත මිතුරු චන්ද්‍රසිරි බෝගමුව සහෘදයානන් තෝරා ගත් සරසවි ශාස්ත්‍රීය මග යමින්, ශාස්ත්‍ර ලෝකයේ ප්‍රකට වෙමින්, මිනිසුන් දිනා ගනිමින්, මේ කෙටි කාලය තුළ ඔවුන්ගේ සිත් සතන් සපුරා ලමින් සුන්දර විවාහ ජීවිතයකට සූදානම්ව, ඔබ සිත කැමති කුමරෙකු සමඟ අතිනත ගැනීමට සූදානම්ව සිටි ඔබගේ මංගල ආරාධනා රැගෙන අප නිවසට නොබෝ දිනකින් පැමිණෙතැයි අප බලා සිටි සිතිවිල්ල අපට අහිමි කර , ඔබ වෙනත් ගමනක් ඔබේ ආදරණීය අනාගත ස්වාමි පුතුටත් ටත් නොකියාම ගොස් හමාරය. එය සෑම කල්හි අප සැමට දරාගැනීමට බොහෝ සෙයින් අසීරු වනු ඇත . අප හිත මිතුරු චන්ද්‍රසිරි සහ ආදරණීය බිරිඳ කෙසේ නම් මේ දුක් දරා ගනීවිද සිතාගැනීමට නොහැකි තරම් මගේ හිත අසීමිත ලෙස දුබලය. කුඩා ලදරියක ලෙස පටන් හෙට දවසේ මනාලියක ලෙස අපගේ සුබ පැතුම් ලැබීමට සූදානම්ව සිටි ආදරණීය ඔබගේ අසීමිත ඉගිලෙන මතක සමුදාය ජීවිතය ගැන නොසිතූ පාඩමක් කියාදෙයි .
ඔබේ කෙටි කාලය තුළ ජීවිතයේ සතුටු තෑගි ඔබ හැමට ප්‍රධානය කර ඇත. ඒ සතුට සමග ඔබ නික්ම ගොස් හමාරය .
ඒ සියලු දුක හඬා නිමා කළ නොහැකි බව නම් පසක් වේ. Lakmini ආදරණීය දියණියනි ,අපි නැවත තවත් දවසක හමුවේවි. අපේ සුන්දර මතක අතර ඔබ නොමියෙන රෝස මලකි. ඔබට සුභ ගමන්......!"
ඒත් එක්කම ඇයට සැබෑ කරගන්න ආසාවෙන් හිටිය තවත් හීන ගැන මහාචාර්ය පැට්රික් රත්නායක මෙන්න මේ වගේ කියලා තිබුණා.. ඒ ඇයට රංගන ශිල්පිනියක් වෙන්න තිබුණ හීනයක් ගැන කතාවක්..
"ලක්මිණි දුව ඇගේ තාත්තාටද් කියලා තිබුණා සෝමරත්න දිසානායක මහත්තයාගේ නෝනට හරි කියලා චිත්‍රපටයක සුරංගනාවියක චරිතයක් රඟපාන්න ආසයි කියලා... මම ඒක දැනගත්තෙත් මේ ළඟදී... ඇයගේ ශරීර කොටස් දන් දෙන්න ආසාවෙන් ඇය හිටියත් ඇයගේ මොළය අක්‍රිය වීමෙන් එම ශරීර කොටස්වලට බලපෑමක් ඇති බව වෛද්‍යවරුන් කළ නිර්දේශය නිසා ඇයගේ ශරීර කොටස් දන්දීමට බැරිවුණා... මේ වන විට ඇයගේ මංගල උත්සවය සඳහා අදාළ හෝටලය වෙන්කරගෙන අවශ්‍ය මුදල් පවා ගෙවා තිබුණා... මේ තරම් විවිධ දක්ෂතා ඇති මගේම වගේ දුවෙක් චන්ද්‍රසිරිගේ එකම දුව අපිට ආයෙත් දකින්න නොලැබුණත් හැමදාම අපේ හිත් තුළ ඇය ජීවත් වෙනවා..."
තම සමීපතම මිතුරා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුවගේ දියනිය ගැන ඔහු පැවසූයේ එපමණකි.. ඒ සටහන් අතර, ඒ වචන අතර සැඟවී තිබුණේ ඇය කෙරෙහි පියෙකුට මෙන් උපන් අපරිමිත ආදරයයි..




