කතගේ කලිසමේ ආ හොරබඩු - හිරේ ඉන්න සැමියා තුටු කරන්න ඇවිත් මාට්ටු ..
Friday, 23 February 2024 - 10:35 | Views - 532
බන්ධනාගාර ගතකර සිටින සැමියාට ලබාදීම සදහා හෙරෝයින් මත්කුඩු කලිසම් වාටියක සඟවාගෙන පැමිණි කාන්තාවක, මාස 7 ක් වයසැති පිරිමි දරුවකු භාරකාරත්වය සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර උතුරු පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාද්දුව , වේරගම අල්විස්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්. සැකකාරිය, සැමියාට ලබාදීමට හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 2500 ක්, කොට කලිසමක වාටියේ සඟවාගෙන පැමිණ සිටියදී, බන්ධනාගාර නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව , මෙසේ අත්අඩංගුවට පත් වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. - ලංකාදීප
Share This Article