උතුම් නවම් පුන් පොහෝ දිනය අදයි !
Friday, 23 February 2024 - 7:26 | Views - 405
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදු වූ නවම් පෝය දිනය අදයි..

සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීයී...

එසේම, ප්‍රථම මහා සංඝ සන්නිපාතය Frist ongregation පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීයි..

බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරුවලට පත්වීමද, නවම් පොහෝ දිනයේ දී සිදුවුණා..

තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීයි..

තවද , බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීයි..

ඉතින් මේ සැම සිත තුල තබාගෙන බෞද්ධ ඔබත්, මේ නවම් පොහෝ දිනය බැති සිතින් සමරන්න... 

මේ අතර නවම් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන හබරණ ඓතිහාසික පුරාණ ටැම්පිට රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද උදෑසන ආරම්භ වුණා. ඒ විහාරාධිපති දකුණු හුරුලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය බෝගස්වැවේ විපස්සි නාහිමියන්ගේ මෙහෙයවීමෙන්.

උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය හසලක සීලවිමල හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය එලමල්දෙණියේ සාරානන්ද හිමියන්ගේ සහ පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව පෙරවරු 11ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

පස්වරු 3.30ට කාලීන ධර්ම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය මඩිහේ සුගතසිරි හිමියන්ගේ සහ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

මීට අමතරව නවම් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් අද හබරණ ඓතිහාසික පුරාණ ටැම්පිට රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් හිරු සීල පාරමිතාවට සමගාමීව සිදු කිරීමට නියමිතයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top