ලස්සන වෙන්න ඕනේනම් , රජයේ රෝහලකට යන්න
Thursday, 22 February 2024 - 16:00 | Views - 549
මේ කියන්න යන පුවත ගොඩාක්ම තරුණියන්ට වැදගත් වේවි.

උපතේදී, පිළිකා හෝ අනතුරු හේතුවෙන් මුහුණේ ඇති වන විකෘතිතා සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර පියකරු මුහුණක් ලබාදීමට අවශ්‍ය සියලුම පහසුකම් සහ ප්‍රතිපාදන රජයේ රෝහල් විසින් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මුඛ හනුක - මුහුණු පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. එච්.එම්.කේ. අබේසිංහ විසින් මේ බව සඳහන් කළා.

'පියකරු මුහුණක් සිතට සතුටක්, මුහුණේ විකෘතිතා ප්‍රකෘති කළ හැක' යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ මුහුණේ විකෘතිතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව මාර්ග අනතුරු සහ මිනිස් ගැටුම් නිසා ඇති වන අනතුරු බවයි.

එමෙන්ම මුඛ පිළිකා හේතුවෙන්ද මුහුණේ විකෘතිතා ඇති වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

උපතේදී සහ ලිංගිකව ආසාදනය වන වයිරස නිසාද මුහුණේ විකෘතිතා ඇති වන බවත් ඊට අමතරව සතුන්ගේ සපාකෑම් සහ පහරදීම් නිසාද විකෘතිතා ඇති බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත්, මේ ඕනෑම ආකාරයකින් සිදු වන විකෘතිතාවන් ඉතාම සියුම් ආකාරයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේ රටේ රජයේ රෝහල්වල සියලු පහසුකම් තිබෙන අතර ඒ සඳහා රජය විශාල මුදලක් වැය කරන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top