ට්‍රක් රථයක් පෙරළී - පුද්ගලයින් 15 ක් ජීවිතක්ෂයට
Thursday, 22 February 2024 - 15:13 | Views - 926
පිලිපීනයේ Negrosහි දී ට්‍රක් රථයක් පෙරළීයාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙම අනතුරට හේතුව වී ඇත්තේ, හදිසියේම වාහනය රියදුරුගේ පාලනයෙන් මිදී යෑම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, රියැදුරු රෝහලේ ප්රථීකාර ලබන බවටයි සඳහන්.
එසේම, පසුගිය දෙසැම්බර් මාසයේදී ද, මධ්‍යම පිලිපීනයේ ඇන්ටික් ප්‍රාන්තයේ බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන්, මිටියාවතකට පෙරලී පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබුණා.
Share This Article