බිරිඳයි , දරුවන් දෙදෙනෙකුයි මෙහෙම යන්න යාවී කියලා ඒ තාත්තා හීනෙකින්වත් නොහිතන්න ඇති.. මේ ශෝකය කොහොම නම් දරා ගන්නද..? (Photos)
Thursday, 22 February 2024 - 12:19 | Views - 1,056
ඇත්තටම මේ පුවත ඔවුන් කොහොම නම් විශ්වාස කරන්න ඇතිද..?

ඒ තාත්තත් වැඩිමහල් දියණියත් මේ ශෝකය කොහොම නම් දරා ගන්නද..?  

කොළඹ සිට පුත්තලම බලා එදින සවස 3.30ට පමණ ගමන් ගත් දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ මව, පුතා සහ දියණිය එම ස්ථානයේදීම මරණයට පත්වීම පසුගිය දවසක හැමෝම කම්පාවට පත් කරන පුවතක් වුණා...

ඉකුත් 19 දා සවස සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය ඔවුන්ගේ දේහය අඩිප්පල, ගඩොල්කැලේ නිවසේ තැන්පත් කර , අවසන් කටයුතු ආරච්චිකට්ටුව කැලේගම පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුවුණා...

එකම කැදැල්ලක පණමෙන් එකට සිටි තම බිරිඳ හා දරු දෙදෙනා අනපේක්ෂිතව මෙලොවින් සමුගැනීමේ වේදනාව දරාගත නොහැකිව දරුවන්ගේ පියා දැඩි කම්පනයකට පත්ව සිටිනු දැක්ම කාගේත් හදකම්පා කරවූ දසුනක් වුණා..

අනතුරෙන් දියණියගේ හා පුතාගේ සිරුර හඳුනාගත නොහැකි ලෙස බරපතළ ලෙස හානි සිදු ව ඇති හෙයින් එම දේහයන් මුද්‍රා තබා, මවගේ දේහය විවෘතව කර තිබුණා..

ශාලිකා දිල්රුක්ෂි නමැති 37 හැවිරිදි තිදරු මවත් ඇයගේ 9 හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු සහ 7 හැවිරිදි සිතුම්සා සාවින්දි ජයලත් දියණිය මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා.. 














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top