සුදු වෙන්න ක්‍රීම් පාවිච්චි කළා ද? එහෙනම්, ඉක්මනට බෙහෙත් ගන්න
Thursday, 22 February 2024 - 9:46 | Views - 945
අද කාන්තාවන් පැහැපත් සමක් හොයනවාට වඩා , හොයන්නේ සුදු පැහැ සමක්..

ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇතිවෙන්නේ..?

ඔයත් සුදු වෙන්න කියලා හිතාගෙන ක්‍රීම් ගාන කෙනෙක්ද..? එහෙනම් සමහරවිට මේ අවධානම ඔයාටත් ඇති..

පාවිච්චියට නුසුදුසු පිළිකා කාරක අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ ආනයනය කර රට පුරා බෙදා හරින පිටකොටුවේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථාන හතරක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ වැටලීමට ලක් කර තිබෙනවා...

එහිදී රුපියල් දශ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ක්‍රීම් වර්ග සමග ව්‍යාපාරිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ..

මෙහිදී සොයා ගත් පිළිකාකාරක අඩංගු ක්‍රීම් වර්ග කාන්තාවන්ගේ සම පැහැපත් කිරීමට යැයි කියමින් අලෙවි කර ඇති බවයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ..

අප වාර්තාකරු සඳහන් කළේ, මෙසේ අලෙවි කර ඇති ක්‍රීම් වර්ග නිසි ප්‍රමිතියකින් තොර ඒවා වන අතර ඒවා ආනයනය කිරීමේදී අවශ්‍ය අවසරයන් පවා ලබාගෙන නොමැති බවයි..

මෙම වැටලීම හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහනම් කර ඇති ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ සොයාගෙන ඇති බවද සඳහන්..

කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරිකයන් සිව්දෙනා දීර්ඝ කාලයක පටන් මහා පරිමාණයෙන් මෙම ක්‍රීම් වර්ග ආනයනය කර රට පුරා බෙදා හැර ඇති බව‍යි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top