වැසි රහිත කාලගුණයක් අද
Thursday, 22 February 2024 - 7:30 | Views - 365
අද (22) දිනයේ , දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි සඳහන්.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, වයඹ පළාතේ හා ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතිනු ඇති.
ඒ අනුව, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර වැඩබිම්වල සෙවණ ඇති ස්ථානවල හැකි පමණ රැදී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
Share This Article