බොරුව අතේ පත්තුවෙලා , විසි වසරක දීගෙත් කැඩිලා..
Wednesday, 21 February 2024 - 12:09 | Views - 443
දහනව හැවිරිදි දියණිය රැකියාවකට ගිය පසු වසර විස්සකට වැඩි කලක් රහසක්ව තිබූ සැමියාගේ රැකියාවේ තත්ත්වය පිළිබඳව කරුණු හෙළිදරව් වීමෙන් පසු බිරිය සැමියා අත හැර ගිය පුවතක් ඉකුත්දා සියනෑ පුරවරයේ ගම්මානයකින් වාර්තා විය.

වසර විස්සකට ඉහතදී කෙරුණු යෝජිත විවාහයකි. මනාලයා ප්‍රදේශයේ නම ගිය පෞද්ගලික ආයතනයක ඉහළ රැකියාවක් කරන බවට මඟු‍ල් කපුවාගෙන් ලැබුණු සහතිකය මත මේ මංගල්‍යය සිදු කරනු ලැබ ඇත්තේ දෙපාර්ශවයේ ඥාතීන්ගේ හිතවතුන්ගේ සහභාගිත්වයෙනි.

මංගල්‍යයෙන් පසු වසර විස්සක් තිස්සේ දෙන්න දෙමහල්ලෝ ඉතා සතුටින් කල්ගත කළේ දරු මල්ලන් එකා දෙන්නා ලැබෙද්දීය. වැඩිමලා දියණියක් වූවාය.

හැඩ වැඩ ඇතුව ඇඳුම් පැළඳුම් සහිතව රැකියාවට යන සැමියා සවස නිවසට එයි. ගෙදර දොර අඩු පාඩු සියල්ල සම්පූර්ණ කරයි. කිසිදු අවස්ථාවක බිරියට සැමියාගේ රැකියාවේ තනතුර පිළිබඳ විමසීමට සිදු නොවූයේ මේ තත්ත්වය මතය.

වැඩිමල් දියණිය දහනව හැවිරිදි වූවාය. දියණියටත් සැමියාගේ ආයතනයේම රැකියාවක් සොයා දෙන ලෙසට බිරිය ඇවිටිලි කළාය. කිසිදු පැකිලීමකින් තොරව සැමියා ආයතන ප්‍රධානීන් හා එක්ව සාකච්ඡා කර දියණියට තම ආයතනයේ ඉහළ තනතුරක් ලබා ගැනීමට සමත් විය.

පළමු දිනයේ වැඩ භාරගත් දියණිය දෙවෙනි දින සේවයට ගොස් ආපසු නිවසට පැමිණ මව හා කුටු කුටු ගෑවා ය. සුළු වේලාවකින් සැමියා ද නිවසට ආවේය.

අපි හිතාගෙන හිටියේ මෙච්චර කල් තමුසේ මේකේ ලොක්කෙක් කියලා. අදනේ දැනගත්තේ තමුසෙ විසි අවුරුද්දක් තිස්සේ තේ හදලා කියලා බිරිය ඔහුගේ ඇඟට කඩා පනිමින් දෙස් දෙවොල් තියන්නට වූවාය.

රෑ බෝ වෙද්දී බිරිය ඇඳුම් කැඩුම් සියල්ල සූදානම් කරගෙන අහවරය. දියණිය කියන දෙයක්වත් අසන්නට ඇය සූදානම් නොවූවාය. වාහනයක් ගෙන්වා ගත් ඇය දරු මල්ලන් සැමියාටම බාර කර තමන්ගේ මහ ගෙදරට ගොස් දැන් එහි කල් ගත කරන්නේ ආයතනයේ පාලන අංශයේ ලොක්කෙකු බව කී සැමියා විසි වසරක් තිස්සේ කර ඇත්තේ ලොක්කන්ට තේ හැදීම බව හෙළිවීම නිසා මහත් ලැජ්ජාවෙනි.

එසේ සිදු වෙද්දීත් සැමියා තවමත් තමන්ගේ සුපුරුදු රැකියාවට යන්නේ දියණිය ඇතුළු ඉහළ නිලතලවල පිරිසට තේ හදා දෙන අදහස ඇතිව ම ය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top