විදුලි බිල ගැන සතුටු හිතෙන ආරංචියක්..
Tuesday, 20 February 2024 - 13:30 | Views - 499
මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා, වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අද(20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව, යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ සඳහා තීරණයක් ගනු ඇති බවද සඳහන් වුණා.
Share This Article