Depression, බෙහෙත් බිව්වාම විතරක් හොඳ වෙනවාද ?
Monday, 19 February 2024 - 11:13 | Views - 373
බෙහෙත් බිව්වාම විතරක් Depression හොඳ වෙනවාද ?

"අනේ සර් මම මාසයක් Depression වලට බෙහෙත් ගත්තා. ඒ doctor කිව්වේ මම 1 st stage එකේ ඉන්නේ කියලා. ( Depressionවල අදියර තුනක් තිබෙනවා. ඒවා නම්, Mild, Moderate සහ Severe වෙනවා.)

ඊට පස්සේ ගෙදරින් මාස තුනකට පස්සේ බෙහෙත් නතර කරන්න කිව්වා. ඒත් Doctor කිව්වා මාසෙකට පස්සේ එන්න කියලා. ඒත් මට ගෙදරින් යන්න දුන්නේ නෑ."

ඇත්තටම කිව්වොත් මනෝවිද්‍යාව සහ මානසික සෞඛ්‍ය පිළිබඳව විධිමත් දැනුමක් සහ අධ්‍යාපනයක් නොමැති වීම නිසා මේ විධියට බොහෝ දරුවන් දිගුකාලීනව මානසික රෝගීන් බවට පත් වෙනෙවා.

දෙමාපියන්ට ඒ සම්බන්ධයෙන් ඇති අනවබෝධයන් නිසා ඇතැම් දරුවන්ගේ ජීවිත විනාශ වෙනෙවා.

ඔබ මනෝවිද්‍යාව හෝ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත්ව නොතිබීම ඔබේ වරදක් නෙවෙයි කියලා හිතෙන්න පුලුවන් ,නමුත් මේ විධියට අනවබෝධයෙන් කටයුතු කළාට පස්සේ ඔබේ දරුවාට ඔබේ සමීපතමයිට පීඩා විඳින්නට සිඳු වෙද්දි ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් වුණා නම් හොඳයි කියලා ඔබට හිතෙන්න ගනීවි. නමුත් ගැටලුව එවිට සිද්ධ වෙන්න අවශ්‍ය සියල්ල සිදු වී අවසන්ව තිබීමයි.

Depression එහෙම නැත්නම් මානසික අවපීඩනයෙන් පීඩා විඳින කෙනෙකුට, සිටින මට්ටම අනුව මනෝවෛද්‍යවරයා බෙහෙත් ලබා දීම සිද්ධ කරනවා. නමුත් Depression තත්ත්වයක් කිසිසේත්ම බෙහෙත් වලින් පමණක් සුවපත් කරන්න අමාරුයි. බෙහෙත් වලින් මොළයේ රසායනික මට්ටම සමතුලිතතාවයට පත් කිරීමෙන් අනතුරුව නිසැකවම නිසි පරිදි උපදේශනයට යොමු වීම සිද්ධ කරන්න අවශ්‍යයි.

නිසියාකාරව මානසික අවපීඩනයට ප්‍රතිකාර නොකිරීම නිසා මුහුණ දීමට සිදුවෙන අයහපත් ප්‍රතිඵල,

නිසිපරිදි මානසික අවපීඩනයට ප්‍රතිකාර නොකිරීම නිසා දිගුකාලීනව ප්‍රතිවිපාක විඳීමට සිද්ධ වෙනෙවා. එහිදී මානසික අවපීඩනය පමණක් නොව කාංසාව,
හෘද රෝග සහ දියවැඩියාව ඇතුළු කායික සහ මානසික රෝග රැසකට හේතු වෙනෙවා. අවසානයේදි මෙය පුද්ගලික ජීවිතයේ මෙන්ම වෘත්තීමය ජිවිතයේ ගැටලු ඇති වී දුක්ෂරතාවයන්ට පවා මුහුණ දීමට සිද්ධ වෙනෙවා.

විශේෂයෙන්ම නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම නිසා වෘත්තීමය ජීවිතය අසාර්ථකවීම පමණක් නොව, විවාහ ජීවිතයේ ගැටලු උද්ගත වී පවුල් ජීවිතයේද අනේක කටුකතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා
.
ඔබ නිසි පරිදි ප්‍රතිකාර වලට යොමු වෙනවා නම් මානසික අවපීඩනයෙන් පවා ඔබට සුවපත් වීමට හැකියාව තිබෙනවා.

සායනික පරීක්ෂණ ඔස්සේ අද වන විට සතිමත්භාවය පුහුණු වීමෙන්, මානසික අවපීඩනයෙන් පීඩා විඳින අයගේ රෝග ලක්ෂණ අවම කිරීමට උපකාරී වන බව අනාවරණය කරගෙන තිබෙනවා.

බහුල වශයෙන්ම මානසික අවපීඩනයෙන් පීඩා විඳින අය වෙනුවෙන් භාවිතා කරන්නේ CBT ප්‍රතිකාර ක්‍රමවේදයයි. නමුත් අද වනවිට සතිමත්භාවයද එකතු කරගනිමින් Mindfulness Based Cognitive Behavioral Therapy සහ Mindfulness Based Stress Reduction දක්වා ප්‍රතිකාර ක්‍රමවේද වර්ධනය වී තිබෙනවා.

සරලව, පැහැදිලිවම කිව්වොත් සතිමත්භාවය පුහුණු වීම , මානසික අවපීඩනයෙන් මිදීමට උපකාරී වෙනවා.

පොඩ්ඩක් හිතලා බලන්න...!

ඔබේ ආදරණීයන් වෙනුවෙන් ඔබ සැලකිලිමත් වෙනෙවා නම්, මානසික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න.

එහෙම නොවුණොත් ඒ නිසා පීඩා විඳින්නේ ඔබ පමණක් නොවෙයි.

( උපුටා ගැනීමකි.. )











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top