ප්රමාද සහිතව, ධාවනය වෙන දුම්රිය ගැන නවතම දැනුම්දීම
Monday, 19 February 2024 - 10:03 | Views - 309
රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ප්රමාද සහිතව, සිදුවෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඊයේ (18) මෙලෙස පීලි පැනීමට ලක්වූයේ, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රියයි.
දුම්රිය යළි පීලිගත කළ ද, තවමත් ගම්පහ සහ රාගම අතර දුම්රිය ධාවනය වන්නේ තනි මංතීරුවේ හේතුවෙන්, මෙලෙස සියලුම දුම්රිය ප්රමාදයක් සහිතව ධාවනය වන බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
Share This Article