නාකි විසේට බිළි වූ , පුංචි මල් කැකුල නිසොල්මන්ව නිවසට ඇවිත්.. (Video)
මේ කියන්න යන්නේ ඊයේ රටම කම්පා කළ පුවතක්...
ඇගේ නික්මීම ඒ මව්පියන් , හිතවතුන් කොහොම නම් දරාගන්නවා ඇතිද..?
තලෙයිමන්නාරම උතුර ප්‍රදේශයේදී අපයෝජනය කර ඝාතනය කළ දස හැවිරිදි දැරියගේ මෘත දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා...
මෙම දැරිය ලිංගික හිංසනයකට ලක්ව ඇති බවත්, ඝාතනය කර ඇත්තේ ගෙළ සිරකර බවත්, ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වුණා..
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය, ඊයේ පොලිසියට අවසර ලබා දුන්නා..
ඒ සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි..
මිත්තනියගේ නිවසේ සිටි ඇය පසුගිය 15 වනදා පස්වරුවේ අසළ වෙළඳසැළකට ගොස් තිබුණේ බාල සහෝදරියට ආහාර රැගෙන ඒම සඳහායි..
එහි දී අදාළ දැරිය පසුපස ඇය පදිංචි පොල්වත්තේ මුරකරු ගමන් කරන ආකාරය සී.සී.ටී.වී කැමරා වලද සටහන්ව තිබෙනවා..
ඇය, යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මිත්තනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා..
පසුව සිදුකළ විමර්ශනවලදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර 300 ක් පමණ දුරින් පිහිටි පොල් ඉඩමක තිබී හමුවුණා..
පසුව සිද්ධිය සම්බන්ධයෙන් 55 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි මෙම පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට ගනු ලැබුවා.. මොහු මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිවූවෙකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා..
මේ අතර කුරුණෑගල අලකොළදෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 5ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව 55 හැවිරිදි අසල්වාසී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කෙරුණා..
අදාළ දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය සිය මිත්තණිය භාරයේ සිට ඇති බවටයි අනාවරණය වන්නේ..