අඳුරු පැහැයෙන් යුත් දුමාරයක් - අනතුරු ඇඟවීම මෙන්න
Friday, 16 February 2024 - 16:49 | Views - 387
බදුල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව අඳුරු පැහැයෙන් යුත් දුමාරයක් මේ දිනවල දැකිය හැකි බවට තොරතුරු වාර්තා වනවා.
බදුල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ. එම්.එල් උදයකුමාර පැවසුවේ, මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට හා සෞඛ්‍යට බලපෑම් එල්ල විය හැකි බවයි.
ඒ හේතුවෙන්, වයෝවෘර්ධ පුදගලයින් හා ශ්වසනාබාධ ඇති පිරිස් මෙන්ම කුඩා දරුවන් ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article