"මට කිරි පෙව්ව අම්මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න මා ගාව සල්ලි නෑ.. ID එක තියලයි තැඹිලි ගෙඩියක් ගත්තේ..'' අපේ රටේ අපේම මිනිස්සු කොයි තරම් නම් , අසරණ වෙලා ද ?
Friday, 16 February 2024 - 16:15 | Views - 347
සමහර වෙලාවට අපේ ජීවිතේ අපි නොහිතන තැන්වලදි අපි අසරණ වෙනවා.

ඒ වෙලාවට දැනෙන වේදනාකාරී හැඟීම ගැන වචන කරන්න හරි අමාරුයි.මේ කතාවත් අන්න ඒ වගේ.අපි අසරණ වෙන වෙලාවල් කොයි මොහොතෙද කියලා කියන්න බෑ.ඒ නිසා හැම තිස්සෙම කාට හරි උදව් කරන්න පුරුදු වෙන්න.මේ උපුටා ගැනීම සමාජ ජාලා ඇසුරෙන්.

ඊයේ උදේ මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු.140යි..

අවුරුදු 25 ක 26 ක තරුණයෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා එයා ගාව තිබුණේ විස්සෙ කොල හතරක් විතරයි. මුදලාලි කිව්වා 80ට දෙන්න බෑ, අපි ගන්නෙම 100, 120යි කියලා...

ඒ කොල්ලා කිව්වා එක ගෙඩියක් දෙන්න පස්සේ ආවම දෙන්නම් කියලා...
මුදලාලිගේ නෝනා වෙන්න ඕනා එයා බැන්නා ඔයාලාට අරක්කු බොන්න සල්ලි තියෙනවා, වෙරි බහින්න තැඹිලි බොන්න සල්ලි නෑ, හදපු අම්මලා තාත්තලාටත් පව් ඕවා කියලා...

ඒ කොල්ලා කමක් නෑ එහෙනම් කියලා ගියා...
ආයෙත් හවස 1.50ට විතර එයාව මම දැක්කා බස් හෝල්ට් එකේ වාඩි වෙලා ඉන්නවා,
එන එක බස් එක්කටවත් නැග්ගේ නෑ, ගොඩක් වෙලා බලන් ඉදලා මම ගිහින් ඇහුවා තැඹිලි ගෙඩියක් අරන් දෙන්නද කියලා...
එයා කිව්වේ..

"ජා ඇල ට යන්න රු100ක් ඕනා මන් ගාව තිබ්බ සල්ලි වලින් අම්මට තැඹිලි ගෙඩියක් අරන් දුන්නා, ඩොක්ටර් කිව්වා පිලිකාව මර්දනය කරන්න දෙන බෙහෙත සැර නිසා ඇඟ නිමෙන්න දවසට තැඹිලි ගෙඩියක්වත් අම්මට දෙන්න කියලා..."

"මට කිරි පෙව්ව අම්මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න මා ගාව සල්ලි නෑ... රු 60 ක් මදි නිසා ID එක තියලයි තැඹිලි ගෙඩියක් අරන් අම්මට පෙව්වේ, එකෙත් බිව්වෙ එක උගුරයි, මම පයින්ම ජාඇලට යනවා කියලා..."

මමත් කොහොමත් ඒ පැත්තට යන නිසා දාගත්තා කොල්ලව වාහනයට,


ඊට පස්සෙ වෙච්ච දේවල්, කතාවේ ඉතුරු ටික දිග වැඩි...

කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්, ආයෙමත් දාන්න හිතුවේ අපේක්ෂා රෝහලට ඒ අවශ්‍යතාවය තාමත් එහෙම තියෙන නිසයි..

( උපුටා ගැනීමකි)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top