හැමෝම සමරන වැලන්ටයින් කියන්නේ ඇත්තටම මොන වගේ දවසක්ද..?
Wednesday, 14 February 2024 - 8:46 | Views - 848
ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්නේ එක එක විදිහටනේ.. ඒත් මෙන්න ඒ ගැන හරිම කතාව.. 

අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා.. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අධිරාජයා විශ්වාස කරපු නිසාවෙන් බවයි කියැවෙන්නේ.. කොහොම වෙතත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් කියන පූජකවරයා ආදරෙන් බැඳිල හිටපු සොල්දාදුවන්ව ඔවුන්ගෙ පෙම්වතියන් එක්ක රහසින්ම සරණ බන්දන්න කටයුතු කළාලු... නීතියට පිටින් ගිහින් කරපු මේ ක්‍රියාව අවසානෙදි අධීරාජයගෙ කණට වැටිච්ච නිසා වැලන්ටයින් පූජකතුමාට මරණ දණ්ඩනය නියම වෙලා තියනවා.. එතුමාව මරණයට පත්කරපු පෙබරවාරි 14 වැනිදා තමයි අපි කවුරුත් දන්න වැලන්ටයින් දවස යෙදෙන්නේ..

ශාන්ත වැලන්ටයින්ලා කීපදෙනෙක්ම ඉඳලා තියනවා..

අපි කළින් කියපු කතාවේ නායකයා වෙච්ච වැලන්ටයින් ශාන්තුවරයා ගැනත් විවිධ මතවාද තියනවා.. හරියට හොයල බැලුවොත් වැලන්ටයින් පූජකවරයා පෙම් යුවලවල් කසාද බැන්දුව කතාවත් ජනප්‍රවාදයක් මිසක් ඒ කතාව සම්පූර්ණයෙන් පිළිගන්න පුලුවන් සාක්ෂි හම්බවෙන්නෙ නෑ.. ඒ වගේම තමයි වැලන්ටයින් ශාන්තුවරයා ජීවත්වෙච්ච ක්‍රි.ව 3 වැනි සියවස කාලෙ මේ නමින්ම ජීවත්වෙච්ච තවත් ශාන්ත වැලන්ටයින් පූජකවරයෙක් ගැන වාර්තා වෙනවා ඉතාලියේ ටර්නි හි ජීවත් වෙච්ච බිෂොප් වරයෙක් තමයි ඒ දෙවැනි වැලන්ටයින්.. මේ දෙදෙනාම එකම සමයක ජීවත් වෙලා දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයාගෙන් දඬුවම් ලබපු දෙන්නෙක්. සමහරු කියනවා මේ දෙන්නම එක්කෙනෙක් කියලත්..

ශාන්ත වැලන්ටයින්ගේ ලෙසට සැලකෙන හිස් කබලක් අදටත් ඉතාලියේ රෝම නුවර පල්ලියක දකින්නට පුළුවන්..


වැලන්ටයින් ආමන්ත්‍රණයේ ආරම්භය..

වැලන්ටයින් සුබපැතුම් බොහොමයක් යවද්දි “From your Valentine” වගේ තමන්ව හඳුන්වල දෙන එකට හේතු වෙලා තියෙන්නෙත් ශාන්ත වැලන්ටයින් පූජකතුමා තමයි.. මෙතුමා මරණ දඬුමට කැප කරල සිරගතව ඉන්න කාලෙ තමන්ගෙ හිරගෙදර මුලාදෑනියගෙ දුව එක්ක ප්‍රේමයෙන් බැඳිල තියනවා.. අන්ධ තරුණියක් වෙච්ච ඇයට ප්‍රාතිහාර්යක් මගින් පෙනීම ලබාදෙන්නත් වැලන්ටයින් පූජකතුමා කටයුතු කරල තියනව කියල පැරණි කතාවල සඳහන් වෙනවා.. කොහොමින් හරි තමන්ව මරා දමන්නට කලින් දවසේදි වැලන්ටයින් ශාන්තුවරයා From your Valentine නමිත් අත්සන් කරපු ලියුමක් ඇය වෙත යවල තියනවා.. මේ අනුව තමයි වැලන්ටයින් සුබ පැතුම් වලදි “වැලන්ටයින්” නමින් පෙම්වතුන් තමන්ව හඳුන්වලා දෙන්න පටන්ගෙන තියෙන්නෙ..

ආදරයේ සංකේතය රෝස මල..

රෝසමල් කියන්නෙ වැලන්ටයින් දවසේ වඩාත්ම හුවමාරුවෙන ආදරයේ සංකේතයක්.. වැලන්ටයින් දවසේ රෝසමල් හුවමාරු කරගන්න පුරුද්ද පටන්ගත්තේ වික්ටෝරියානු අවධියෙ කියල තමයි කියන්නෙ.. ආදරය වෙනුවෙන් රෝසමල් තෑගි දෙන්න හේතුව තමයි ආදරයේ දෙවඟන විදිහට සලකන වීනස් දෙවඟනගෙ ප්‍රියතම මල රෝස මල වීම.. හැබැයි කොච්චර රෝස මල් තෑගි දුන්නත් ඒත් එක්ක දෙන වැලන්ටයින් සුබපැතුම් පතට තමන්ගෙ අත්සන යොදන එක වික්ටෝරියානු කාලෙදි අසුබ දෙයක් හැටියටලු සැලකුවේ.. සමහරවිට තමන්ගෙ නම අත්සන් කරපු වැලන්ටයින් ශාන්තුවරයට වෙච්ච විපත නිසා වෙන්න ඇති..


වැලන්ටයින් සහ චොකලට්

චොකලට් කියන්නෙත් ආදරවන්තයින් අතර ඉතාම ජනප්‍රිය ආහාරයක් සහ තෑග්ගක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ... වැලන්ටයින් දවසෙත් වැඩිපුරම හුවමාරු වෙන චොකලට් පෙට්ටිය වැලන්ටයින් වෙනුවෙන්ම කියල මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1860 ගණන් වලදියි.. ජනප්‍රිය කැඩ්බරි සමාගමේ නිර්මාතෘවරයගේ පුතෙක් වෙච්ච රිචඩ් කැඩ්බරි තමයි මුලින්ම චොකලට් පෙට්ටිය නිර්මාණය කරල තියෙන්නේ.. ඉතින් චොකලට් පෙට්ටි ජනප්‍රිය වෙච්ච ඒ මුල් කාලෙදි වැලන්ටයින් දිනය වෙනුවෙන් හාට් එකක හැඩයෙන් යුක්ත චොකලට් පෙට්ටියකුත් මේ අය නිෂ්පාදනය කරල තියෙනවා.. මේ විදිහෙ මුල්ම වැලන්ටයින් චොකලට් පෙට්ටිය විකිණුනේ 1868 අවුරුද්දේ කියල තමයි දැනගන්න ලැබෙන්නෙ..


මුල්ම වැලන්ටයින් කවිය..

වැලන්ටයින් දවස ගැන සඳහන් වෙන පැරණිම ලියැවිල්ල හැටියට සැලකෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ පියා ලෙසට හඳුන්වන ජෙෆ්රි චෝසර් (Geoffrey Chaucer) විසින් 1382දී ලියන ලද කවි පන්තියකුයි.. පාර්ලෙමන්ට් ඔෆ් ෆවුල්ස් නමින් තමයි ඒ කවිය හැඳින්වෙන්නේ.

දැනට හමුවන පලවැනි වැලන්ටයින් සුබපැතුම..

අදටත් ඉතිරිවී තිබෙන පලවෙනි වැලන්ටයින් සුබපැතුම වෙන්නෙ 1415දී ඕලියන්ස් හී ඩියුක්වරයා වූ චාල්ස් විසින් තමන්ගේ බිරිඳට ලියන ලද කවි එකතුවකුයි. චාල්ස් ඩියුක්වරයා ලන්ඩන් හි සිරදඬුවම් විඳිමින් සිටිද්දි ප්‍රංශ භාෂාවෙන් ලියන ලද ඒ කවි අදටත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ සුරැකිව තිබෙන බව සඳහන් වෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු, අදටත් යහතින් සුරැකිව තියන වැලන්ටයින් හසුන 1477 වගේ අතීතයකට දිව යන්නක්. එය මාජරි බෘස් නම් කාන්තාවක් විසින් ඇගේ පෙම්වතාට ලියන ලද හසුනක්.


වැලන්ටයින් උන්මාදය ඇරඹුනේ කොයි කාලෙද?

වර්තමානය වෙද්දි වැලන්ටයින් දවස ආදරවන්තයන්ට වඩා වෙළෙන්දන්ට ප්‍රීතියක් ගෙන දෙන දවසක් බවට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. පෙබරවාරි මුල වෙද්දි පදික වේදිකාවේ ඉඳන් සුපිරි වෙළඳසැල් දක්වා රෝසමල්,ටජ් මහල් වගේ ආදර සංකේත වලින් පිරෙන්නෙ ඒ නිසයි. ලංකාවෙ අපිට මේක මෑතකදි ආපු වෙනසක් උනාට ලෝකෙ බොහොමයක් රටවල් අපිට හුඟක් කලින් මේ මාකටිං වලට ලක්වෙලා තියනවා. සරළ අහිංසක විදිහට ආදරේ සමරන දවසක් හැටියට තිබ්බ වැලන්ටයින් දවස වාණිජකරණයට ලක්වෙලා උන්මාදයක් හැටියට පැතිරෙන්න පටන් අරන් තියෙන්නෙ 1900 මුල් ගණන් වලදි එංගලන්තයේදි තමයි.


වැලන්ටයින් දවසෙ වෙන කසාද අසාර්ථකයිද?

ආදරවන්තයන්ගෙ දවසේ විවාහ වෙන එක ගැන මොකද හිතන්නෙ? හරිම රෝමාන්තික අත්දැකීමක් කියල තමයි අපි කාටත් හිතෙන්නෙ නේද? ඒ උනත් අලුත් සමීක්ෂණයකින් හොයාගෙන තියනවලු වැලන්ටයින් දවසේ සිද්ධවෙන විවාහ අසාර්ථක වෙන්න ඉඩ වැඩියි කියලා. කොච්චර රොමෑන්ටික් වගේ පෙණුනත් මේ වගේ දවස් වල විවාහ වෙන යුවලවල් බහුතරයක් අතර අන්‍යෝන්‍ය අවබෝධය හරි අඩු බවයි පරීක්ෂකයො කියල තියෙන්නෙ. හැබැයි ඉතින් මේක හැමෝටම අදාල වෙන කාරණයක් නෙමෙයි. සාපේක්ෂව වැඩි දෙනෙක් මෙහෙම වෙන්න පුලුවන් කියන එක තමයි කියන්නෙ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top