හරි බරත් එක්කම , ගණන් යන පාන් ?
Sunday, 11 February 2024 - 8:25 | Views - 320

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු බවට රජය පසුගිය සතියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එම බරැති පාන් ගෙඩියක මිල රුපියල් 170 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසනවා.
රටේ පාන් නිෂ්පාදකයන් තුන් කොටසක් සිටින බව පවසන සභාපතිවරයා එක් කණ්ඩායමක් සුළු වශයෙන් පාන් තනා තමන් විසින්ම අලෙවි කරනු ලබන අතර ඔවුන්ට අද පවතින රුපියල් 140 මිලට වඩා අඩුවෙන් වුවද, ග්‍රෑම් 450 පාන් ගෙඩියක් අලෙවි කළ හැකි බවයි ඔහු පවසන්නේ.
අනිත් කොටස වනුයේ මධ්‍යම ප්‍රමාණ වශයෙන් පාන් නිෂ්පාදනය කර වෙළෙඳුන් මාර්ගයෙන් කොමිස් පිට අලෙවි කරන අය බවත් විශාල ව්‍යාපාරිකයෝ මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කර අලෙවි කරන බවත් මේ දෙකොටසටම පාන් ගෙඩියක් සඳහා රුපියල් 30ක පමණ කොමිස් මුදලක් ගෙවන්නට සිදුව ඇති බවත් ඔහු පවසනවා.
එසේම පාන්වලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ද ඉහළ ගොස් ඇති බවත් මේ නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් මෙම කාණ්ඩ දෙකටම අලෙවි කරන්නට සිදුවන්නේ රුපියල් 160 – 170 වැනි මිලකට බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ නිසා සුළු වශයෙන් පාන් අලෙවි කිරීම නොවැළැක්විය හැකි බවයි ඔහු සඳහන් කළේ.
සභාපතිවරයා පවසන්නේ නියම බරට පාන් තනන ලෙස තම සාමාජිකයන්ට උපදෙස් දිය හැකි නමුත් උපරිම මිලක් නියම කිරීමට තමාට නොහැකි බවයි.
රජය ද උපරිම මිලක් සඳහන් කර නොමැතිවීම නිසා මිල තීරණය කිරීමේ බලය ද ඇත්තේ නිෂ්පාදකයාට බවයි ඔහු පැවසුවේ.
Share This Article