වැඩිම මාසික වැටුප් ලබන රටවල් අතරින්, ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න
Friday, 09 February 2024 - 12:15 | Views - 2,475

ලංකාවේ මිනිසුන් මේ ගෙවන කාලය ඉතාමත් අසීරු බව අපි හැමෝම දන්නවා.ආර්ථික සහනයක් නොමැති වීම නිසාම, මානසිකවද සහනයක් නොමැති වීම නිසා බොහෝ ජනතාව සිටින්නේ මානසිකව පහළටම වැටිලා. ඒ වගේම තමයි රාජකාරි සිදු කරන සේවා ස්ථානයෙන් ලැබෙන මාසික වේතනය ඉතාමත් අවම වීම, මෙම ප්‍රශ්න වලට ප්‍රධානතම ගැටලුව බවටත් හඳුනාගෙන තිබෙනවා. ඉතින්, මේ කියන්න යන්නේ ලෝකයේ ඉහළම මාසික වැටුපක් ලබන රට සහ අවම වැටුපක් ලබන රට ගැන.2023 වර්ෂයේ අගෝස්තු මස වනවිට CEOWORLD සඟරාවට අනුව, ලොව ඉහළම මාසික වැටුප ලබා ගන්නා රටවල් 105ක් අතරින් මුල් තැනට පත් වෙන්නේ ස්විට්සර්ලන්තයයි. එහි මසිකව ලැබෙන වැටුප දක්වා ඇත්තේ මෙසේයි. ( US$6142.1 ).එහි දෙවැනි තැන සිංගප්පූරුව හිමි කරගෙන තිබෙන්නේ, මාසිකව එක් අයකුට ලැබෙන ආදායම US$4350.79 ලෙස සටහන් කරමින්.කොහොම වුණත්, ලොව අවම මාසික වැටුපක් ලබන රටවල් අතර, ප්‍රමුඛ තැන ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ වැඩිම මාසික වැටුපක් හිමිවන රටවල් 105 අතරින්, අන්තිම ස්ථානය ලබා ගනිමිනුයි.කෙසේ වෙතත්, ලංකාවේ මිනිසෙකු මාසිකව ලබා ගන්නේ, ඇමරිකානු ඩොලර් 143.62 ක් පමණක් බවටයි CEOWORLD සඟරාව පවසන්නේ.


Share This Article