පැය 15ක ජල කප්පාදුවක් - කොළඹ ප්‍රදේශවලට දැනුම් දීමක්
Friday, 09 February 2024 - 11:03 | Views - 325
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) සහ අනිද්දා දෙදින තුළ, පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මෙම ජල කප්පාදුව හෙට දිනයේ සවස 5.00 සිට පසුදින, එනම් (11) උදෑසන 8.00 දක්වා , පැය 15ක කාලයක් සිදු කෙරෙන බවටයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මෙසේ ජල සැපයුම අත්හිටටුවනු ඇති.
Share This Article