ඔයාටත් විරහා වේදනාවක් දුන්නු කෙනාට , මෙහෙම පාඩමක් උගන්නන්න..
හැම ආදර සම්බන්ධයක් අවසානයේදිම විරහව කියන දේ දැනුනාම කරන සමහර දේවල් නිසා ජීවිත පවා නැති වෙනවා.
හැබැයි විරහව වෙනුවෙන් මේ කරන හදන දේ නම් හරි අපූරුයි.
පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරයේ හෝ වෛරයේ ප්රකාශනයක් ලෙස කැරපොත්තකු නම් කිරීමට අමෙරිකාවේ නිවියෝර්ක්හි සත්වෝද්‍යානයක් අවස්ථාව සළසා තිබෙනවා.
මෙහිදී හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් මැඩගස්කර කැරපොත්තකු නම් කිරීමට අවස්ථාව සැළසෙන අතර මේවන විටත් නම් කර ඇති කැරපොත්තන් ගණන 54,000ක්.
සත්වෝද්‍යානය එමගින් උපයා ඇති මුදල ඩොලර් මිලියන 1.1කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.