මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වෙන කතාවක්..
සමහරවිට ඔබත් මේ සුබ ආරංචිය ලැබෙනකම් බලාගෙන ඉන්න ඇති..
වෙළඳපොළ සහභාගීත්වයට අනුව බලපත්රලාභී වාණිජ බැංකුවල හැසිරීම් සමාලෝචනය කිරීමෙන් පසු ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා..
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ..
දේශීය මුදල් වෙළදපොළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි මහ බැංකුව නිවේදනය කළේ..