හෙලිකොප්ටර් යානයක් අතුරුදන්
Thursday, 08 February 2024 - 10:54 | Views - 422
අමෙරිකානු මැරීන් භටයින් රැගත්, හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ, අමෙරිකාවේ ලාස් වේගාස් ආසන්නයේ පිහිටි කඳවුරක සිට කැලිෆෝනියාව බලා පියාසර කරමින් තිබු හෙලිකොප්ටර් යානයක්.
අතුරුදන් වනවිට එම යානය තුළ, මැරීන් භටයින් පස්දෙනෙකු සිට ඇති අතර, එය CH-53E Super Stallion වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බවටයි වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම්, හෙලිකොප්ටර් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Share This Article