මානසික රෝගය තහවුරුයි - අවලෝකේතීශ්වරට නිදහස , සෑම සඳුදාකම මුල්ලේරියාව මානසික සායනයට යා යුතුයි..
Wednesday, 07 February 2024 - 11:21 | Views - 592
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීශ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහු ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ , සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික වෛද්‍ය සායනය සඳහා ඉදිරිපත් විය යුතු බවටත් පෙත්සම්කරුට, නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article